Trending Newsඑසැන පුවත්දේශීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ හිටපු ජනාධිපති රනිල් හමුවෙති

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) හමුවී සාකච්ඡා කර තිබේ. මල්පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කාර්යාලයේදී අදාළ නියෝජිත පිරිස හිටපු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර තිබේ.

ගතවූ වසර දෙකක කාලය තුළ මෙරට ආර්ථීකය යථාතත්වයට ගෙන ඒම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය සිදු කළ කාර්යය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසගේ ප්‍රශංසාවට ලක්වූ බව එම අවස්ථාවට එක්වූ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

Related posts

ஈரான் அணியை தோற்கடித்த ஸ்பெயின்

Mohamed Dilsad

වැලිගම සභාපති ඝාතනය මාලිමාවේ වැඩක්…! – හිටපු ඇමති දුමින්ද දිසානායක

Editor O

යුධ හමුදා රෝහලට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසේ

Mohamed Dilsad

Leave a Comment