Trending Newsඑසැන පුවත්දේශීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ හිටපු ජනාධිපති රනිල් හමුවෙති

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) හමුවී සාකච්ඡා කර තිබේ. මල්පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කාර්යාලයේදී අදාළ නියෝජිත පිරිස හිටපු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර තිබේ.

ගතවූ වසර දෙකක කාලය තුළ මෙරට ආර්ථීකය යථාතත්වයට ගෙන ඒම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය සිදු කළ කාර්යය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසගේ ප්‍රශංසාවට ලක්වූ බව එම අවස්ථාවට එක්වූ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

Related posts

களனி புதிய பாலத்திற்கான நிர்மாணப்பணிகள் 50 வீதம் பூர்த்தி

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුව පරිණත නැහැ – මහාචාර්ය නිර්මාල් රංජිත්

Editor O

ஹிருணிகாவுக்கு எதிரான வழக்கு ஒத்திவைப்பு

Mohamed Dilsad

Leave a Comment