Trending Newsඑසැන පුවත්දේශීය

ගෑස් ටැංකියේ යළි අවුලක්. පක්ෂයේ ලේකම්වරිය අත්තනෝමතිකව, රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිෂමට යවලා.

හිටපු ඇමති රවී කරුණානායක මහතාගේ නම, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස මැතිවරණ කොමිසමට යවා ඇත්තේ කිසිදු අනුමැතියකින් තොරව අත්තනෝමතික ආකාරයෙන් බව එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර, පක්ෂ ලේකම්වරිය අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර ඇතැයි ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් වන රවී කරුණානායක මහතාට සාමූහික තීරණයකින් තොරව කටයුතු කිරීමටද හැකියාවක් නැති බවද වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. අදාළ මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හෙට (19) දිනයේ එම පෙරමුණේ සියලු පක්ෂ කොළඹට රැස්වීමට නියමිත බව සඳහන්.

Related posts

சட்ட வைத்திய அதிகாரி ஒருவர் பயங்கரவாத தொடர்பில் சந்தேகத்தின் பேரில் கைது

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීන්ගේ, පියා අභාවප්‍රාප්ත වෙයි.

Editor O

400 கிலோ கிராம் கேரள கஞ்சாவுடன் இருவர் கைது

Mohamed Dilsad

Leave a Comment