Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්දය දෙන්න ගම්බිම්බලා යන ජනතාවට ලංගම බස් සහ දුම්රිය අතිරේක ගමන්වාර කිහිපයක්

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව අද දින සිට ලබන 17 වන ඉරිදා දින දක්වා අතිරේක බස්රථ ධාවනයට එක් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි. අද (12) දින අතිරේකව බස් රථ 70ක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට ගමන් ආරම්භ කරන බවද හෙතෙම කීවේය.

එමෙන්ම දිනපතා ක්‍රියාත්මක දුම්රිය ගමන්වාර වලට අමතරව මැතිවරණය සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් දුම්රිය සඳහා අතිරේක මැදිරි යොදවා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොළ ප්‍රකාශ කළේය.

Related posts

පැරණි සමාගමට ඉන්දන නැව් තොග 06ක කොන්ත්‍රාත්තුවක් දෙයි.

Editor O

Former US First Lady Barbara Bush dies at 92

Mohamed Dilsad

‍ඔස්ට්‍රේලියාවේ, නියෝජ්‍ය අගමැති ශ්‍රී ලංකාවට පැමිණෙයි.

Editor O

Leave a Comment