Trending Newsඑසැන පුවත්දේශීය

‍ඔස්ට්‍රේලියාවේ, නියෝජ්‍ය අගමැති ශ්‍රී ලංකාවට පැමිණෙයි.

‍ඔස්ට්‍රේලියාවේ, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

‍ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමග 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යංශයට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ (02) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

ඔවුන් පිළිගැනීම සඳහා මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටි බවයි “අද දෙරණ ගුවන්තොටුපළ වාර්තාකරු” පැවසීය.

‍ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළ දී දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීම සහා ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳ අවධානය යොමුවනු ඇත.

ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව මෙම දුත පිරිස ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

Related posts

1000 பெண்களை துஸ்பிரயோகம் செய்த மருத்துவர்! உடந்தையான காதலி…

Mohamed Dilsad

වීරකැටියේ වෙඩිතැබීමක්.පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

ට්‍රම්ප්ගෙන් තුර්කියට සම්බාධක

Mohamed Dilsad

Leave a Comment