දේශීය

වීරකැටියේ වෙඩිතැබීමක්.පුද්ගලයෙකු මරුට

(UTV|වීරකැටිය) – වීරකැටිය පොලිස් වසමේ කෙමේගල ප්‍රදේශයේදී නාදුනන පුද්ගලයෙකු සිදු කල වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ඝාතනය වී තිබේ.

ඊයේ(24) රාත්‍රී 8 ට පමණ මෙම ඝාතනය සිදුව ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ වෙඩි තැබීම කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වීරකැටිය පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය එම ස්ථානයට ගොස් වෙඩි වැදී තුවාල ලබා සිටි පුද්ගලයා වහාම වීරකැටිය රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව මෙම තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මිය‍ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 39 ක් වු කෙමේගල, වෑකදවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

රාජ්‍ය අමාත්‍යවරු සිව් දෙනෙකුට විශේෂ ගැසට් නිවේදන

Mohamed Dilsad

ලයිසන් එක එනකං ලක්ෂ 08කට වැඩි පිරිසක් මග බලාගෙන

Mohamed Dilsad

හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment