Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මහින්දගේ ආරක්ෂකයන් ගණන අඩුකරයි: ආරක්ෂාවට ත්‍රීරෝද රථයකුත් දෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60ක් දක්වා අඩුකර ඇතැයි වාර්තාවේ. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා නිලධාරීන් 60 දෙනෙක්, ජීප් රථ දෙකක්, යතුරු පැදි දෙකක් සහ ත්‍රීරෝද රථයක් ලබාදී ඇත.

ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් අනුයුක්ත කිරීමේ කමිටුව විසින් ගත් තීරණයකට අනුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිර්දේශ සහිතව මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති සඳහන්. එම චක්‍රලේඛය අනුව අතිරික්ත නිලධාරීන්ගේ නාමලේඛනය හෙට (02) දිනට පෙර කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලබාදිය යුතු අතර අනිද්දා (03) දිනට පෙර නියමිත ප්‍රමාණයට වැඩියෙන් ඇති වාහන පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදිය යුතු බවත් සඳහන්.

Related posts

Parliament to convene at 10.30 AM; Galleries closed for session

Mohamed Dilsad

පාර්ලිමේන්තු විවාදය ඇරඹේ

Mohamed Dilsad

“ජනපති තවත් හිටියොත් රට විනාසයි”

Mohamed Dilsad

Leave a Comment