Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශීය රටවල තානාපති කාර්යාලවල සේවය කරන, යළි මෙරටට කැඳවන නිලධාරී නාම ලේඛනය

විදේශ රටවල තානාපති සේවාවන් සඳහා පත් කර යැවූ නිලධාරීන් පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි යළි කැඳවීමට තීරණය කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. එම නිලධාරීන්ට මේ පිළිබඳව දැනුම් දී ඇතැයි ද සඳහන්. ඒ අනුව එම නිලධාරීන් යළි මෙරටට පැමිණෙනු ඇතැයි සඳහන්.

අමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇත්ජලීස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස, චීනයේ ෂැංහයි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා වශ යෙන් කටයුතු කළ අනුර ප්‍රනාන්දු, ඉන්දියාවේ චෙන්නායි හි නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් සවුදිඅරාබිය ජෙඩා හි කොන්සල් ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ එස්. එම්. ඒ. එෆ් මවුලානා, අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ නිශාන මනික් මුතුත්‍රිෂ්ණ සහ තෙවැනි ලේකවරයා වශයෙන් කටයුතු කළ තාරක දිසානායක මහත්වරු කැඳවීමට පියවර ගෙන තීරණය කර තිබේ.

එක්සත් රාජධානියේ ලන්ඩන් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සෙනිය පුංචිනිලමේ, ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා ලෙස කටයුතු කළ සහසු බණ්ඩාර, ඉතාලියේ රෝම නුවර පිහිටි තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වර්ය ලෙස සේවය කළ වන්දිමා පෙරේරා, ඔස්ට්‍රේලියාවේ කැන්බරා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වර්ය වශයෙන් සේවය කළ දිනකා කාමලීන් ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන්ද යිළි කැඳවා තිබේ.

මේ අතර රුසියාවේ මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක ලෙස සේවය කළ පණ්ඩුල ද සොයික, ඉන්දියාවේ නවදිල්ලි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඇමැති උපදේශක ලෙස සේවය කළ ආචාර්ය අන්වර් මොහොමඩ් හදානි, ලෙබනනයේ බ්රට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස සේවය කළ ප්‍රියංගිකා දිසානායක සහ තුර්කියේ අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම්වරිය ලෙස සේවය කළ යමින් හිල්ම් මොහොමඩ් මහත්ම මහත්මන් ද යළි කැඳවා ඇත.

නෙදර්ලන්තයේ හේග්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක ලෙස කටයුතු කළ අෂ්විනි තපන්ගම, ජර්මහියේ ස්ටොක්හෝම් හි ඇමැති උපදේශකවරයා වශයෙන් සේවය කළ ජනක රණතුංග මහතා ද යළි කැඳ වීමට රජය තීරණය කර තිබේ.

Related posts

Trains on up-country line delayed due to derailment

Mohamed Dilsad

Explosion’ reported on Iranian oil tanker off Saudi coast

Mohamed Dilsad

எதிர் தரப்பினரை பழிவாங்கும் அரசாங்கம்?

Mohamed Dilsad

Leave a Comment