Trending Newsඑසැන පුවත්දේශීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවෙනි සමාලෝචනය ගැන ඉඟියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සපයා තිබෙන ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදුකෙරෙන තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇති කැපවීම, ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුවද තහවුරු කර තිබෙන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරි. ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රතිඵල ලැබෙමින් පවතින බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

විස්තීරණ ණය පහසුකමේ සහාය සහිතව ක්‍රියාත්මක කෙරෙන මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සහ මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳ ජා.මු. අරමුදලේ නියෝජිතයින් මෙරටදී මීට පෙර සාකච්ජා කර තිබේ.

ආර්ථික ප්‍රතිසංස්කරණ, අඛණ්ඩව වාරික තුනක දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය, අඩු උද්ධමනය, රාජ්‍ය ආදායම් රැස්කිරීම ඉහළ යාම සහ විදේශීය සංචිත ගොඩනැගීම මගින් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවට සහය සලසා ඇත.

Related posts

படைவீரர் நடைபவணி இராணுவ தளபதியின் தலைமையில் ஆரம்பம்

Mohamed Dilsad

False news and hate speech laws to be toughened

Mohamed Dilsad

உலகின் மிகநீண்ட கடல்பாலம் நாளை திறப்பு

Mohamed Dilsad

Leave a Comment