Trending Newsඑසැන පුවත්දේශීය

විශ්වවිද්‍යාල සිසු පිරිසක් රැගත් බස්රථයක් බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ප්‍රපාතයකට පෙරළෙයී. දෙදෙනෙක් මියයයි. 30ක අධික පිරිසකට තුවාල

විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අද (01) උදෑසන 7.45ට  පමණ බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන හා හතරවන කිලෝමීටර් කණු  අතර, ප්‍රධාන මාර්ගයේ බෑවුමකට පෙරළීමෙන්  අනතුරක් සිදුවී තිබේ.

එම බස්රථ අනතුරින් මියගිය ගණන 2ක් දක්වා ඉහළගොස් ඇතැයි බදුල්ල රෝහල් පොලීසිය සඳහන් කරයි. ඉන් දෙදෙනෙක් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් බවද සඳහන්. අනතුරින් බරපතල තුවාල ලැබූ 06 දෙනෙකු බදුල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් වන අතර, ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටි සිසුන් පිරිසක් ඇතුළු 41 දෙනෙකු අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ ගමන්කරමින් සිට ඇතැයි පොලීසිය කියයි. තුවාල ලැබූවන් සංඛ්‍යාව 30කට අධික බව මේ වන විට වාර්තාවී ඇති අතර, අනතුරට ලක්වූවන් රෝහල් ගත කිරීමට ප්‍රදේශවාසීන් දැඩි වෙහෙසක් දරමින් කටයුතු කළහ.

.

Related posts

EU to take migrants from Alan Kurdi rescue ship

Mohamed Dilsad

නිවාර් සුළි කුණාටුවේ බලපෑම ලංකාවටත්

Mohamed Dilsad

தெரிவிக் குழு உறுப்பினர்கள் விபரம் – சபாநாயகர் தெரிவிப்பு

Mohamed Dilsad

Leave a Comment