Trending Newsඑසැන පුවත්දේශීය

අයහපත් කාලගුණයෙන් හදිසි තත්ත්වයක් ඇතිවුණොත්, මුහුණ දීමට ගුවන් හමුදාව සීරුවෙන්.

රට පුරා ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි අපදා තත්ත්වයක් ඇතිවුවහොත් සහන සැලසීම හා මුදවා ගැනීමේ කටයුතු සඳහා ගුවන් යානා හා ඊට අදාළ භට පිරිස් ස්ථානගත කර ඇතැයි ගුවන් හමුදාව සඳහන් කරයි.

ඒ අනුව කඩිනම් සහන සේවා කටයුතු සඳහා බෙල් – 412 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේද, බෙල් – 212 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් හිගුරක්ගොඩ සහ පළාලි ගුවන් හමුදා කඳවුරුවල සූදානමින් තබා තිබේ.

මුදවා ගැනීම් සඳහා සුවිශේෂි පුහුණුවක් ලබා ඇති ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා භට පිරිස් ද එම කඳවුරු තුළ මේ වනවිටත් සූදානමින් සිටින බව ගුවන් හමුදාව සූදානමින් සිටිති.

Related posts

දුම්රිය වාර ප්‍රවේශපත්‍රවලින් ලංගම බස්වල යන්න පුළුවන්, මාර්ග අවහිරතා නිසා දුම්රිය ධාවනය නොවන ප්‍රදේශවල පමණයි.

Editor O

ගුවන් අනතුර ගැන විමසීමට පාර්ශව 20 ක් කැඳවීමේ සූදානමක්

Mohamed Dilsad

ஹரி பாட்டர் புத்தகங்களுக்கு தடை

Mohamed Dilsad

Leave a Comment