Trending Newsඑසැන පුවත්දේශීය

අයහපත් කාලගුණයෙන් හදිසි තත්ත්වයක් ඇතිවුණොත්, මුහුණ දීමට ගුවන් හමුදාව සීරුවෙන්.

රට පුරා ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි අපදා තත්ත්වයක් ඇතිවුවහොත් සහන සැලසීම හා මුදවා ගැනීමේ කටයුතු සඳහා ගුවන් යානා හා ඊට අදාළ භට පිරිස් ස්ථානගත කර ඇතැයි ගුවන් හමුදාව සඳහන් කරයි.

ඒ අනුව කඩිනම් සහන සේවා කටයුතු සඳහා බෙල් – 412 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේද, බෙල් – 212 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් හිගුරක්ගොඩ සහ පළාලි ගුවන් හමුදා කඳවුරුවල සූදානමින් තබා තිබේ.

මුදවා ගැනීම් සඳහා සුවිශේෂි පුහුණුවක් ලබා ඇති ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා භට පිරිස් ද එම කඳවුරු තුළ මේ වනවිටත් සූදානමින් සිටින බව ගුවන් හමුදාව සූදානමින් සිටිති.

Related posts

එජාප නායකත්වය ගැන අවසන් තීන්දුව බදාදා

Mohamed Dilsad

Rajitha to appear before Police Unit of Presidential Commission

Mohamed Dilsad

Massive cyber-attack across the world

Mohamed Dilsad

Leave a Comment