දේශීය

එජාප නායකත්වය ගැන අවසන් තීන්දුව බදාදා

(UTV |කොළඹ)  – එක්සත් ජාතික පක්‍ෂ නව නායකයෙක් ලබන බදාදා(12) පත් කරන බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වසර 25ක් දරා තිබේ.

අවස්ථා ගණනාවකදී පක්‍ෂ නායකත්වය වෙනස් කරන ලෙස සාමාජිකයින් ඉල්ලීම් කලද ඊට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ නොවීය.

කෙසේ වෙතත් පක්ෂ මූලස්ථානයේදී අද (10) පැවති සාකච්ඡාවක දී වික්‍රමසිංහ මහතා තමන් ගත් මෙම තීරණය දැනුම් දී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම සහ පක්ෂයේ නිලධාරී මඩුල්ල අද පෙරවරුවේ සිරිකොත දී රැස්වුයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී තමා පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බවත් නායකත්වය බාරගැනීමට සුදානම් අය සිටීනම් ඉදිරිපත් වන්නැයි, රනිල් වික්‍රමසිංහ මහතා අද සාකච්ඡාවට සහභාගි වූ හිටපු මන්ත්‍රීවරුන්ට පවසා තිබේ.

එම අවස්ථාවේදී පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උප නායක රවී කරුණානායක, වජිර අබේවර්ධන සහ දයා ගමගේ යන අයගේ නම් ඉදිරිපත් වී තිබේ.

එම පිරිස අතරින් අයෙකු පක්ෂයේ ඒකමතික තීරණයෙන් එළැඹෙන බදාදා පක්ෂ නායකත්වයට නම් කෙරෙනු ඇත.

Related posts

චුණ්ඩිකුලම් ප්‍රදේශයේ මෝය පුළුල් කිරීමේ දී අතුරුදන් නාවික හමුදා නිලධාරීන් පස්දෙනාගේ මළ සිරුරු හමුවෙයි

Editor O

අපහරණ චෝදනා එල්ල වූ අම්පාරේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අද විශේෂ බැංකු නිවාඩු දිනයක්

Mohamed Dilsad

Leave a Comment