Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණයේදී ඡන්දදායකයන් පාරිභෝගිකයන් නොවිය යුතුයි

(UTV | කොළඹ) –

රටේ පාලකයා තෝරාගන්නා ගනුදෙනුව මුදලට විකිණෙන දෙයක් නොවිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. කොළඹ දී ඊයේ (16) පැවති වැඩසටහනකට සහභාගී වෙමින් කොමසාරිස්වරයා එම අදහස් පළ කළේය.

කොමසාරිස්වරයා මෙසේ ද කීවේය. මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතියේ අඩංගු කරුණු කොමිෂන් සභාව බලාපොරොත්තු වූ ආකාරයෙන් නැති බවත්, ඡන්දදායකයන් පාරිභෝගිකයන් නොවිය යුතුයි. “අපි පටන් ගත්තු තැන සිතපු දේවල්… සිතූ ආකාරයට ඒ සියල්ල මේ ලේඛනය තුළ නොමැති වුණත් යම්කිසි ආකාරයකට අපිට ලැබිච්ච දේ තුළින් මේ කාර්යය මේ මට්ටමින් කරගෙන යන්න කොමිෂන් සභාව උත්හාස දරනවා. මුදල් නැතිව මැතිවරණයක් කරන්න බැහැ. ඒ වගේම මැතිවරණය කරද්දි මුදල් ඉස්සර කරගෙන ඡන්දදායකයන්ට පාරිභෝගිකයන් වෙන්න බැහැ. මුදල් නිසා ඡන්දදායකයන් විකිණෙන තත්ත්වයකට පත් වුණොත් ඒකත් ප්‍රශ්නයක්. ඒ නිසා යම් සීමාවන් අවශ්‍යයි.

Related posts

බදු ගෙවන්නන්ට සහනයක්

Mohamed Dilsad

கணினி மயப்படுத்தப்படவுள்ள கொழும்பு மாநகர சபை

Mohamed Dilsad

නාවික හමුදාවෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment