Trending Newsඑසැන පුවත්දේශීය

ජීවිත තර්ජන තිබෙන, ජනාධිපති අපේක්ෂකයන්ට විශේෂ ප්‍රභූ ආරක්ෂාව

(UTV | කොළඹ) –

ජීවිත තර්ජන තිබෙන, ජනාධිපති අපේක්ෂකයන්ට විශේෂ ප්‍රභූ ආරක්ෂාව ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අපේක්ෂකයන්ට ඇති තර්ජන සම්බන්ධයෙන් තක්සේරු කර ආරක්ෂාව ලබාදීම පිළිබඳව සලකා බලන බවද, ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

එම තක්සේරුවෙන් අනතුරුව ලැබෙන වාර්තාව පදනම් කරගෙන ජීවිත තර්ජන ඇති අපේක්ෂකයන්ට විශේෂ ආරක්ෂාව සැපයීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරණ කාල සීමාවේදී අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත විශේෂ කමිටුවක් පත් කර තිබේ.

Related posts

40 அடி பள்ளத்தில் பாய்ந்து முச்சக்கரவண்டி விபத்து சாரதி காயம்

Mohamed Dilsad

கேல் ரத்னா விருதுக்கு விராட் கோலி பெயர் பரிந்துரை

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපොළට නවීන කැමරා පද්ධතියක්

Editor O

Leave a Comment