Trending Newsඑසැන පුවත්දේශීය

කටුනායක ගුවන්තොටුපොළට නවීන කැමරා පද්ධතියක්

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු ආගමන විගමන කවුළු සඳහා මුහුණු හඳුනා ගැනීමේ කැමරා සවිකිරීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් සඳහන් කරනු ලැබුවේ දැනට එහි ආරක්ෂක කැමරා සවිකර ඇත්තේ කවුළු 08ක පමණක් බවය.

මෙම වැඩපිළිවෙළ යටතේ ආගමන විගමන කවුලු 30කට එම ආරක්ෂිත උපාංග පොලිසිය මැදිහත්වීමෙන් සවිකිරීමට නියමිතය.සංවිධානාත්මක අපරාධකරුවන්, වරෙන්තුකරුවන් හා අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් විදේශගත වීම හා විදේශවල සිට පැමිණීමේදී හඳුනා ගැනීම එමගින් සිදු කළ හැකිය.

එමෙන්ම මෙම කැමරා පද්ධතියේ දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 24 පුරා අධීක්ෂණය කෙරෙනු ඇත.

Related posts

Postal demands to be met by Wednesday

Mohamed Dilsad

රන්ජන්ගේ දුරකථන සංවාද ගැන වාර්තාවක් ලබාදෙන ලෙසට නියෝග

Mohamed Dilsad

රුසියාවේ සිට පිරිසක් මෙරටට

Mohamed Dilsad

Leave a Comment