දේශීය

බදු ගෙවන්නන්ට සහනයක්

(UTV |කොළඹ ) – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ බදු ගෙවන ජනතාව සහ ආයතන වෙනුවෙන් විශේෂ සහන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව පවසයි.

වැට් ගෙවීමට අදාළව පෙබරවාරි මාසයේ සමාගම් විසින් එකතු කළ මුදල් මාර්තු මස 20 වන දින ගෙවිය යුතු බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ කියා සිටියේය.

මාර්තු මාස‍යේ වැට් මුදල් අප්‍රේල් මස 20 වන දින ගෙවිය යුතු බවද පැවසු ඔහු ඇඳිරි නීතිය හා කොරෝනා වසංගතය හේතුවෙන් සමාගම් වසා දමා ඇති බැවින් පෙබරවාරි ගෙවීම ‍මාර්තු 20 වන දින නොගෙන අප්‍රේල් 30 වන දින තෙක් ගෙවීම් ප්‍රමාද කිරීමට රජය තීරණය කළ බවද පැවසීය.

මාර්තු වැට් මුදල් ගෙවීමට ද ඒ අනුව අප්‍රේල් මස 30 වන දින තෙක් කල් ලබා දී තිබුනද සමාගම්වල තොරතුරු ගණනය කිරීමට අදාළ නිලධාරීන්ට ඒ සඳහා යෑමට නොහැකි වීම හේතුවෙන් එයට යම් කාලයක් ලබා දෙන බවත් ඒ දිනය තවමත් කවදාද යන්න තීරණය කර නොමැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව හැකි නම් ගෙවිය යුතු බද්ද කලින් ගෙවා දමන ලෙස කල ඉල්ලීමට හොඳ ප්‍රතිචාර ලැබී ඇතැයි ද පැවසු දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ බදු ගෙවන්නන්ට බැංකු සඳහා නොගොස් තමන්ගේ ගිණුමින් දේශිය අදායම් බදු කොමසාරිස්ගේ ගිණුමට එය මාරු කල හැකි online ක්‍රමවේදයක් ද හඳුන්වා දී ඇතැයි ද පැවසීය.

Related posts

පළමු කැබිනට් රැස්වීම අද

Mohamed Dilsad

සතොස භාණ්ඩ මිල තවත් අඩුකරයි

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

Leave a Comment