Trending Newsඑසැන පුවත්දේශීය

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු පිරිසකට වරෙන්තු

(UTV | කොළඹ) –

කැළණි වැලි සමාගමේ නුවරඑළියේ තේ කර්මාන්ත ශාලාවකට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නුවරඑළිය වැඩ බලන මහෙස්ත්‍රාත් ජයමිනී අඹගහවත්ත අද නියෝග කළේය.

අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ඇතුළු පිරිසට ඉදිරිපත් වන ලෙස ලිඛිතව දැනුම් දුන් නමුත් ඔවුන් කිසිවකු අධිකරණයට පැමිණ සිටියේ නැතැයි පොලිසිය අධිකරණයට කරුණු දැක්වූහ. ඒ අනුව, සැකකරුවන් අත්අඩංගුවට ගෙන ලබන 26 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කෙරිණ.

Related posts

ලිංගික අල්ලස් ගත් උප පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

Mohamed Dilsad

Rifts laid bare as G20 leaders meet

Mohamed Dilsad

Two Bali jail fugitives captured in East Timor

Mohamed Dilsad

Leave a Comment