Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

(UTV | කොළඹ) –

අයවැයෙන් මුදල් වෙන්කර ඇත්තේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පවත්වන බව, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ (22) පස්වරුවේ පැවැත්විණ. එහිදී වසර දෙකක කාලයක් ආණ්ඩුව පවත්වාගෙන යාමට සහයෝගය ලබා දීම ගැන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කළේය.

ජනාධිපතිවරණය කල් දැමීමට තමන් උත්සහ දරණ බවට විපක්ෂය කුමන මත පළකළ ද අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පවත්වන අතර මේ වසර තුළ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ප්‍රතිපාදන නොමැති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

පසුගිය සමය ඉතා දුෂ්කර කාලයක් වූ බව පැවසූ ජනාධිපතිවරයා මේ වන විට එම දුෂ්කර කාලය ගෙවා දමා ඇති බව ද කීවේය.

Related posts

මීගමුවේ කොටුවී සිටින පිරිසක් ගම්බිම් වෙත

Mohamed Dilsad

யாழில் புதிய வகை பவளப்பாறைகள் கண்டுபிடிப்பு

Mohamed Dilsad

“Halloween” sequel to film this fall

Mohamed Dilsad

Leave a Comment