Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියයට 90% කගේ සහය ලැබෙනවා – විජේදාස රාජපක්ෂ

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියාරු කර කාගේ හෝ වල්ගයක් බවට පත් කිරීමට නිමල් සිරිපාල ඇතුළු කණ්ඩායමකට අවශ්‍යය වී ඇතැයි අධිකරණල බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මල්වතු මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හමුවේ පැවසුවේය.

මෙම පිරිස පිටත සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ අවුල් කිරීමට උත්සහ කරන බවත් එය ප්‍රශ්නයක් කර නොගෙන පක්ෂයේ ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන සංවිධායකවරු ඇතුළු සියයට 90%  කගේ සහයෝගය සමඟ තමන් දේශපාලන කටයුතු සිදුකර ගෙන යන බවත් ඒ මහතා කීය

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ 17  පෙරවරුවේ මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය’ මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්ය වලවාහැංගුණු වැවේ ධම්මරතන නාහිමියෝ සහ ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ ශීලානන්ද හිමිද මෙම අවස්ථාවට සහභාගි වූහ

Related posts

கொழும்பு பாதுகாப்பு கருத்தரங்கு இன்று ஆரம்பம்

Mohamed Dilsad

ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවීන්ට දීමනාවක්

Mohamed Dilsad

Sri Lankan shares end slightly higher on foreign buying; Tax bill weighs

Mohamed Dilsad

Leave a Comment