දේශීය

ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවීන්ට දීමනාවක්

(UTV | කොළඹ) – කාබනික පොහොර නිපදවා සිය ගොවිතැන්වලට භාවිත කරන ගොවින්ට හෙක්ටයාරයකට රුපියල් 12,500 ක දිරි දිමනාවක් ලබාදිමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

හෙක්ටයාර් 02 ක් (අක්කර 05) නොඉක්මවන පරිදි මෙම දිරිදිමනාව ලබාදෙනු ඇති.

2021, 2022 මහ කන්නයේ හෙක්ටායාර් අට ලක්ෂයක පමණ වී වගා කෙරෙන අතර කාබනික පොහොර අවශ්‍යතාව සලසා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වැඩපිළිවෙළක් සකස් කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශයේ මග පෙන්වීම මත ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර නිෂ්පාදනයට ගොවීන් දිරිමත් කිරීම මෙම තීරණයේ අරමුණයි.

Related posts

ඇසළ පෝයට දන්සල් 8,300ක් රට පුරා

Editor O

පානදුරේදී හෙරොයින් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

Mohamed Dilsad

නේපාලයේ සිටි ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

Mohamed Dilsad

Leave a Comment