දේශීය

නේපාලයේ සිටි ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

(UTV | කොළඹ) – කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නේපාලයේ අතරමංව සිටි මෙරට සිසුන් 93 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට වෙත පැමිණියේය.

නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කාර්ය මණ්ඩලය 8කින් සමන්විත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1425 දරන ගුවන් යානයෙන් අද (24) සවස 3.30 ට පමණ ගොඩබස්වන ලදී.

එම ගුවන් යානයෙන් පැමිණි සියලු සිසුන් ගුවන් තොටුපළේ සිට නීරෝධායන කටයුතු සදහා පිටත් කර හරිනු ලැබීය.

හෙට (25) ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා තවත් විශේෂ ගුවන් යානයක් මුම්බායි බලා පිටත්ව යාමට නියමිතයි.

Related posts

ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය⁣ට වසර දෙකක සිරදඬුවම්

Editor O

හමුදා නිලධාරීන් රැසකට උසස්වීම්

Mohamed Dilsad

අභාවප්‍රාප්ත තොණ්ඩමන්ගේ අවසන් කටයුතු අද

Mohamed Dilsad

Leave a Comment