Trending Newsඑසැන පුවත්දේශීය

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවීකරණය වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරනවා – ජනපති

(UTV | කොළඹ) –

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බවත්, එසේම එම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ද සහාය ලබා ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ බද්ධ වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් රට තුළ නිර්මාණය කර නවීන ලෝකය සමඟ ඉදිරියට යාමට මෙරට දරුවන්ට අවස්ථාව උදා කර දෙන බවද ජනාධිතිවරයා සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමින්.

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයට පැමිණි අවස්ථාවේ එම සිසුන් වෙත කරන ලද ආරාධනය අනුව මෙලෙස විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

ජනාධිපතිවරයා එම සිසුන් වෙත ලබා දී තිබු පොරොන්දුවක් ඉටු කරමින් වටිනා සංගීත භාණ්ඩ තොගයක් ද ඉතා කෙටි කලක් තුළ විද්‍යාලය වෙත ප්‍රදානය කිරීමට කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී සිසු දරුවන් ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කර සිටියා.

එම විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සභිකයින් 96 දෙනෙකු පමණ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා එක්ව සිටී අතර ඔවුන්ට සහතික පත්‍ ප්‍රදානය කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ හා පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

මෙහිදී සිසු දරුවන් ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රට ගොඩනඟන අනාගත නායකයන් බිහි වන්නේ මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තු තුළින් බවයි.

එහිදී ලබා ගන්නා අත්දැකීම් එම කටයුතුවලට මනා පිටිවහලක් වනු ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ වන විට බොහෝ පාසල්වල ශිෂ්‍ය පාර්ලිමේන්තු ක්‍රියාත්මකවීම සතුටට කරුණක් බවද පැවසුවා.

ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඓතිහාසික හා පෞරාණික පසුබිම මෙහිදී සිසු දරුවන්ට පැහැදිළි කර දුන් ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කථා බහක නිරත වෙමින් ව්‍යවස්ථා සභා ඇතුළු පාර්ලිමේන්තු ක්‍රමයේ විකාශය පිළිබඳවද දැනුවත් කළා.

පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය අදහස් දක්වමින් පාර්ලිමේන්තු කාර්යභාරය පිළිබඳ පැහැදිළි කළා. මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ විදුහල්පති එච්.එම්.යූ.බී. හේරත් මහතා සහ ගුරුවරුන් හා දෙමව්පියන් කිහිප දෙනෙක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Related posts

58ஆவது தடவையாக பொலன்னறுவையில் பொசொன் அன்னதான நிகழ்வு

Mohamed Dilsad

கொழும்பில் பிரபல பெண்கள் பாடசாலையின் மாணவிகள் செய்த காரியம் அம்பலம்?

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝණය කල පිරිස 38,566 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment