Trending Newsඑසැන පුවත්දේශීය

සරසවි විධායක නිලධාරී වර්ජනය අවසන්

(UTV | කොළඹ) –

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හැර තිබේ. ඒ අනුව එළැඹෙන 15 වන සඳුදා සිට සේවයට වාර්තා කරන බව සඳහන්. අනධ්‍යයන සේවක දීමනා ලබාදීමට නොහැකි බව මුදල් අමාත්‍යාංශය යළිත් දැනුම් දී තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ, කොමිසම යැවූ ලිපියකට ප්‍රතිචාර වශයෙන් මුදල් අමාත්‍යාංශය ඊයේ දිනයේ ලිඛිතව එය දැනුම් දුන් බවයි. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා පත් කළ කමිටුවෙන් ඒ සඳහා විසඳුම් ලබා ගත හැකි බවද මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

ඒ අනුව සියලු උප කුලපතිවරුන්ට හා වෘත්තීය සමිති නායකයින්ට මුදල් අමාත්‍යාංශ තීරණය පිළිබඳව ලිඛිතව දැනුම් දුන් බව  මහාචාර්ය චන්දන උඩවත්ත මහතා පැවසීය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ ඒ අනුව වහාම සේවයට වාර්තා කරන ලෙසයි. ඉන් පසුව ගැටලුවලට විසඳුම් ලබා ගත හැකි බවද  දැනුම් දී තිබේ.

 

Related posts

ஸ்ரீலங்கன் விமான சேவையை மறுசீரமைப்பதற்கு அமைச்சரவை அனுமதி

Mohamed Dilsad

EU ‘Ready to improve’ Brexit border offer

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි

Mohamed Dilsad

Leave a Comment