Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක

(UTV | කොළඹ) –

එක්සත් ජාතීන්ගේ, අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය, ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් 2024 ජූලි 16 සිට 19 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව ඇත.

මෙම සංචාරය අතරතුරදී අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැහැදැකීමට නියමිත අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය තාරක බාලසූරිය යන මහත්වරුන් හමුවීමට ද නියමිතයි.

ඇය, ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වෙන සැමරුම් උත්සවයට සහභාගී වන අතර යුනෙස්කෝ ලෝක උරුම නැරඹීමටද නියමිතයි.

 

Related posts

මැදින් පුර පසළොස්වක පොහොය අදයි

Mohamed Dilsad

Moscow plane fire: 41 killed on Aeroflot jet

Mohamed Dilsad

අධිකරණ විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන් ඇතුළු 20 ක් සේවයෙන් නෙරපයි

Editor O

Leave a Comment