දේශීය

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි

(UTV |කොළඹ) – සබරගමුව පළාතේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, මධ්‍යම, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව පළාතේ සවස 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අංශය පවසයි.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 40-50 පමණ තද සුළං ඇති වේ.

Related posts

ළමුන්ගේ පාසල් බෑග් පරික්ෂා කළ යුතු ආකාරය ගැන පොලිස්පති කියයි

Mohamed Dilsad

රුපියල ශක්තිමත් වෙයි

Mohamed Dilsad

විශේෂ සති අන්ත එන්නත් වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment