එසැන පුවත්දේශීය

විශේෂ සති අන්ත එන්නත් වැඩසටහනක්

(UTV | කොළඹ) – කොවිඩ් මර්දන තෙවන, සිව්වන බූස්ටර් එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ඉදිරි සති අන්ත කිහිපය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ් අනුව සැප්තැම්බර් 17 සහ 24 සහ ඔක්තෝබර් 1 සහ 8 යන සති අන්ත 04 තුළ මෙම වැඩපිළිවෙල දිවයින පුරා සැම ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හා රෝහල් හි පැවැත්වේ.

මෙම එන්නත් වැඩසටහන තුල වයස අවුරුදු 20 සහ ඊට වැඩි වැඩිහිටියන් සඳහා පළමු සහ දෙවන බූස්ටර් මාත්‍රාත්, වයස අවුරුදු 12-19 අතර ළමුන් සඳහා පළමු සහ දෙවන එන්නත් මාත්‍රාත් ලබාදී ඇති බවට තරවුරු කර ගැනීමෙන් අනතුරුව බූස්ටර් එන්නත් ලබාදීමද සිදු කෙරේ.

සියලු සුදුසුකම් ලත් කණ්ඩායම් සඳහා අදාල දිනයන් හි සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක්ම මධ්‍යම සායනය ඇතුළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ අවම වශයෙන් ස්ථාන 03 ක හෝ එන්නත් මධ්‍යස්ථාන 03 ක විශේෂ එන්නත් ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කළ යුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා අදාල නිලධාරින් වෙත උපදෙස් ලබාදී ඇත.

මෙම සායන පෙරවරු 8.00 සිට සවස 4.00 දක්වා විවෘතව තැබේ.

සතියේ අනෙකුත් දිනවල ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හා රෝහල් හරහා ලබා දෙන සාමාන්‍ය COVID 19 එන්නත් කිරීමේ සේවාවන්ට අමතරව මෙම එන්නත් කිරීමේ ව්‍යාපාරය පැවැත්වෙන අතර, සියලුම එන්නත් සායන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද COVID-19 එන්නත් කිරීම පිළිබඳ මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වේ.

Related posts

අද සිට රියදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කෙරේ

Mohamed Dilsad

රජය මීළඟට ගන්න සූදානම් වන ණය ප්‍රමාණය

Editor O

එළොව ගිහින් මෙළොව ආ ආච්චි අම්මා

Mohamed Dilsad

Leave a Comment