දේශීය

වේලාවක් වෙන්කරගත් අයදුම්කරුවන්ට සඳුදා විදේශ ගමන් බලපත්‍ර

(UTV | කොළඹ) – රජය ලබන සඳුදා (19 වැනිදා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කළ ද එදිනට වේලාවක් වෙන්කරගත් අයදුම්කරුවන්ට පමණක් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය.

රජයේ නිවාඩු දිනයක් බැවින් සීමිත සේවක සංඛ්‍යාවක් පමණක් කැඳවීම නිසා වේලාවක් වෙන්කරගත් අයදුම්කරුවන්ට පමණක් සේවය සැපයීම නිසා වෙනත් පුද්ගලයන් පැමිණිය ද සේවය සැපයීමට නොහැකි යැයි ද බණ්ඩාර මහත්මිය වැඩි දුරටත් කීවාය.

Related posts

ජනපති පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ඇමති වසන්ත සහ කතානායක ජගත් ක්‍රිප්ටෝ ගත් ආකාරය හෙළිකරන්න – දයාසිරි ජයසේකරගෙන් කතානායක ට ලිපියක්

Editor O

COVID – 19 අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 900 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment