දේශීය

අද සිට බලාත්මක වන පනත් තුන

(UTV | කොළඹ) – කාර්මික ආරවුල් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක් (130 හා 132) සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් 3 සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (සැප්. 16) සිය සහතිකය සටහන් කළේ ය.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පත් 2022 අංක 22 දරන කාර්මික ආරවුල් (සංශෝධන) පනත වශයෙන් ද, 2022 අංක 23 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත වශයෙන් ද, 2022 අංක 24 දරන කාර්මික ආරවුල් (සංශෝධන) පනත වශයෙන් ද අද සිට බලාත්මක වේ.

මෙම පනත් කෙටුම්පත් ත්‍රිත්වය විවාද කිරීමකින් තොරව පසුගිය 8 වන දා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Related posts

යුක්රේනය ආක්‍රමණය – ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වළකියි

Mohamed Dilsad

පීසීආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම ගාස්තුවක්

Mohamed Dilsad

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අජිත් හා ෆොන්සේකා ඉවතට

Mohamed Dilsad

Leave a Comment