දේශීය

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අජිත් හා ෆොන්සේකා ඉවතට

(UTV | කොළඹ) – පක්ෂයේ සාමූහික විනය කඩකිරිමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අයගේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය ඉවත් කර තිබේ.

ඊයේ (29) එක්සත් ජාතික පක්ෂයේ නව කෘත්‍යාධිකාරි මණ්ඩල පත් කෙරුණු බවත් අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයාගේ සහ සරත් ෆොන්සේකාගේ නම ඊට ඇතුළත් කර නොමැති බවත් එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව ඔවුන් දෙදෙනාට අද (30) පස්වරුවේ පැවැත්වෙන එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමට සහභාගී විය නොහැකි බව වැඩිදුරටත් සඳහන්.

Related posts

ඇඳිරි නීතිය කඩකරන්නන්ට අද සිට ඇප නැහැ – පොලිසිය

Mohamed Dilsad

මෙරටට පැමිණෙන ලාංකිකයන් නිරෝධායනය වන දින ගණන පිළිබඳ අද විශේෂ තීන්දුවක්

Mohamed Dilsad

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිවේදනයක්

Editor O

Leave a Comment