නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් හෝ පීඩාවක් සිදු වී ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි..
නේපාලයේ කත්මන්ඩු හි පිහිටි ශ්‍රී ලංකා නානාපති කාර්යාලය විසින් යාවත්කාලීන කරන ලද තොරතුරු වලට අනුව, අද (11) වන විට නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් 109 දෙනෙකු සිටිති.
ඔවුන් සියලුදෙනා ආරක්ෂිතව සිටින අතර යාවත්කාලීන කිරීම් ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සහාය ලබාදීමට නේපාලයේ කත්මණ්ඩු හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තර අවදානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි..
එමෙන්ම, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ප්‍රජා සාමාජිකයින් කිහිප දෙනෙකු සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශය නිරන්තරයෙන් මේ සම්බන්ධව තොරතුරු යාවත්කාලීන කරන බවද සඳහන්.
