Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මහින්ද ගමට යයි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරු සඳහා ලබා දී ඇති නිල නිවාස යළි රජයට බාරදිය යුතුය.

හිටපු ජනාධිපතිවරු වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් මේ වන විටත් නිල නිවාස භාවිත කරති..ඊයේ (10) දිනයේ සම්මත වූ පනතට අනුව ඔවුන්ට එම වරප්‍රසාදය අහිමි වී තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) දිනයේ නිල නිවසින් පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

ඔහු හම්බන්තොට කාල්ටන් නිවස වෙත යෑමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

ඊට අමතරව හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සිය නිල නිවෙස් රජයට භාරදීමට කටයුතු කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

යම් හෙයකින් අදාළ නිල නිවෙස් භාරදීමට කටයුතු නොකළහොත් ලිඛිතව ඒ පිළිබඳව දැනුම්දිමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එම පනත අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවය.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති අතර ඊට අදාළ ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 151ක් සහ විපක්ෂව එක් ඡන්දයක් හිමිවුණි.

මෙම පනත බලාත්මක වීම ආරම්භක දින සිට හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹූවට සපයන ලද නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාවත්, මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම් මෙන්ම වැන්දඹුවට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප ද අහිමි වනු ඇත.

Related posts

லக்‌ஷ்மன் யாபாவின் மகனை கைது செய்யுமாறு வௌியிடப்பட்டிருந்த பிடியாணை மீளப்பெறப்பட்டது

Mohamed Dilsad

ආගමික ස්ථානවල ආරක්ෂාවට යොදවා සිටින නිලධාරීන් ඉවත් කර නැහැ. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය

Editor O

Heavy traffic in Pettah

Mohamed Dilsad

Leave a Comment