දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා වෛරසය පිළිබඳ හදිසි ගෝලිය තත්ත්වයක් ප්‍රකාශයට

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය පිළිබඳව ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඊයේ (31) ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රස් ගෙබ්රියේසස් නිවේදනය කරමින් ප්‍රකාශ කර සිටියේ චීනය තුළ පවතින තත්ත්වය නොව වෙනත් රටවලට කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානම සැලකිල්ලට ගෙන මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

දුර්වල සෞඛ්‍ය තත්ත්වයක් පවතින රටවලට වෛරසය පැතිරයාම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වනවිට රටවල් 18 කින් රෝගීන් 98 දෙනෙකු වාර්තා වී ඇති බව ප්‍රකාශ කර තිබේ.

එහෙත් වෙනත් රටක කිසිදු අයෙකු කොරෝනා වෛරසයට හේතුවෙන් මියගිය බවට වාර්තා වී නොමැත.

Related posts

අදත් පළාත් කිහිපයයකට ගිගුරුම් සහිත තද වැසි

Mohamed Dilsad

වංචා දූෂණවලට වගකිවයුත්තන්ට දඬුවම් ලබාදීමේ වගකීම ජනාධිපතිවරයා ලෙස මෙන්ම පෞද්ගලිකවම ද තමා විසින් භාරගන්නා බව ජනාධිපතිතුමා පවසයි

Mohamed Dilsad

විදේශ විනිමය පාලන රෙගුලාසි ලිහිල් කිරීමේ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment