දේශීය

පොලිසිය සොයමින් සිටි වරෙන්තුකරුවෙකු ගෙල වැලලා ගනී

(UTV |සෙට්ටිකුලම) – පොලිසිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු සිය නිවස තුළදී ගෙළ වැළලාගෙන මිය යාමේ සිද්ධියක් වාර්තා වේ.

ඒ ඉපලෝගම – සෙට්ටිකුලම ප්‍රදේශයේදීය.

37 හැවිරිදි මෙම සැකකරු විවාහක පුද්ගලයෙකි.

ඔහු ඊයේ පස්වරුවේ මෙලෙස ගෙල වැලලා ගෙන මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඔහු ප්‍රදේශයේ සොරකම් කිරීම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටින මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටි අයෙකු බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වයි.

Related posts

මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු CID හමුවට

Mohamed Dilsad

මහනුවර ට දැඩි ආරක්ෂාවක්

Mohamed Dilsad

අනුරාධපුර බන්ධනාගාරයේ ගැටුම සම්පූර්ණයෙන්ම පාලනය කරයි – පොලිසිය

Mohamed Dilsad

Leave a Comment