දේශීය

අනුරාධපුර බන්ධනාගාරයේ ගැටුම සම්පූර්ණයෙන්ම පාලනය කරයි – පොලිසිය

(UTV | කොළඹ) –  අනුරාධපුර බන්ධනාගාරය තුළ ඊයේ (21) පස්වරුවේ ඇති වූ සිද්ධිය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

එම නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ බන්ධනාගාර රැඳවියන් කලහකාරී ලෙස හැසිරෙමින් පලායෑමට උත්සාහ දරා ඇති අතර එය වැළැක්වීමට බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදුකර තිබේ.

වෙඩි තැබීම හේතුවෙන් රැඳවියන් 08 දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇති අතර , ඉන් රැඳවියන් 02 දෙනෙකු මිය ගොස් තිබෙන බවත් අනෙක් රැඳවියන් 06 දෙනා බන්ධනාගාර පොලීසියේ ආරක්ෂාව යටතේ අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවද ජාලිය සේනාරත්න මහතා පැවසීය.

බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා මේ වන විටත් පොලිස් විශේෂ කාර්යය බලකාය, සහ අනුරාධපුර පොලීසිය යොදවා තිබේ.

Related posts

කතානායක ආචාර්යය අශෝක රංවල ට එරෙහිව , විපක්ෂයෙන් විශ්වාසබංගයක්

Editor O

රාජාංගණයේ ප්‍රදේශ කීපයක සංචරණය තහනම් කරයි

Mohamed Dilsad

රාමදාන් උපවාස මාසය ලබන 25 වනදා සිට

Mohamed Dilsad

Leave a Comment