දේශීය

අගමැති ලබන 7 වනදා ඉන්දීය නිල සංචාරය සඳහා පිටත් වෙයි

(UTV | කොළඹ) –  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන 07 වනදා සිය ඉන්දීය නිල සංචාරය සඳහා පිටත්ව යෑමට නියමිතය.

පෙබරවාරි 8 වනදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර ද්වි පාර්ශවික හමුව පැවැත්වෙනු ඇත.

වරණාසි , සාරනාත් , බුද්ධගයාව සහ තිරුපති ප්‍රදේශවල සංචාරය කිරීමටද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සූදානමින් පසුවන බව ඉන්දීය විදේශ අමාත්‍යංශය නිවේදනය කළේය.

සිය ඉන්දීය නිල සංචාරය නිමවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යළිත් පෙබරවාරි 11 වනදා යළිත් දිවයිනට පැමිණීමට නියමිතය.

Related posts

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

Mohamed Dilsad

මාධ්‍ය මර්දනයට හා ආණ්ඩුවේ පටු අරමුණු ඉටුකර ගැනීමට,  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාවිච්චි කිරීම කණගාටුදායකයි – නාමල් රාජපක්ෂ

Editor O

ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment