Trending Newsඑසැන පුවත්දේශීය

මාධ්‍ය මර්දනයට හා ආණ්ඩුවේ පටු අරමුණු ඉටුකර ගැනීමට,  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාවිච්චි කිරීම කණගාටුදායකයි – නාමල් රාජපක්ෂ

ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් අපරාධ පරීක්ශණ දෙපා‍ර්තමේන්තුවට  කැඳවීම යනු සමස්ත මාධ්‍යවේදීන්ටම කරන අනතුරු හැඟවීමක් හා මර්දනය කිරීමට සැරසෙන බවක් තමන් දකිනා බවත් මෙසේ මාධ්‍ය මර්දනය තමා තරයේම හෙළා දකින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

මර්දන නීතිවලට එරෙහිව සටන් කලා යැයි කියන  දේශපාලන ව්‍යාපාරයක් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුව යොදවා මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හෝ මර්දනයට උත්සාහ දැරීම හෙලා දකින  බව නාමල් රාජපක්ෂ පැවසීය.

පොලිස් වාර්තා ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරී සහතිකයට අමතරව මහජන ආරක්ෂක කමිටුවේ සභාපතිවරයාගේ සහතිකයක්ද අවශ්‍ය බව සඳහන් පුවතක්  මහින්ද ඉලේපෙරුම කර්තෘත්වය හොබවන අරුණ පුවත් පතේ පළකිරීම නිසා මෙලෙස ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.මුලින්ම පුවත්පත් කොමිසමට පැමිණිලි කිරීම හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමකින් තොරව මෙසේ අයුතු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම මෙම ආණ්ඩුවේ මර්දනය පිළිබඳ හොඳම සාක්ෂියක් නව නාමල් රාජපක්ෂ පැවසීය.

මාධ්‍ය මර්දනය හෙළා දකින බවත් මෙසේ මාධ්‍ය මර්දනයට හා ආණ්ඩුවේ පටු අරමුණු ඉටුකර ගැනීම  අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුව පාවිච්චි කිරීම ඉතා කණගාටුදායක බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත්  පැවසීය.

Related posts

கடுகண்ணாவ கற்பாறை வீதியில் வாகன போக்குவரத்து இடைநிறுத்தம்

Mohamed Dilsad

A/L examination application receiving period ends on 15th

Mohamed Dilsad

Konta fights back to seal Brisbane win

Mohamed Dilsad

Leave a Comment