ප්‍රමුඛ පුවත 1

වංචා දූෂණවලට වගකිවයුත්තන්ට දඬුවම් ලබාදීමේ වගකීම ජනාධිපතිවරයා ලෙස මෙන්ම පෞද්ගලිකවම ද තමා විසින් භාරගන්නා බව ජනාධිපතිතුමා පවසයි

(UTV|කොළඹ)  – මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සහ බරපතළ වංචා සහ දූෂණ පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පරීක්ෂණ සහ විමර්ශන කටයුතු මෙතෙක් නිවැරදිව සහ පිරිසිදුව සිදුවූවා සේම එහි ඉදිරි කටයුතු ද නිසි අයුරින් සිදුකිරීමේ වගකීම ජනාධිපතිවරයා ලෙස මෙන්ම පෞද්ගලිකවම ද තමා විසින් භාරගන්නා බව ජනාධිපතිතුමා පවසයි.

මහබැංකු බැඳුම්කර කොමිසම් වාර්තාවේ පිටු අඩුවී ඇති බවට ඇතැමුන් කෑ ගැසුවද එහි පිටු අඩුවීමක් කිසිසේත් සිදුව නොමැති අතර, සිදුව ඇත්තේ පරික්ෂණ කටයුතු නිම වනතුරු රහස්‍යභාවය ආරක්ෂා කළයුතු ඇතැම් අනු ලේඛන පවතින බැවින් නීතිමය කටයුතු යම්තාක් දුරට ඉදිරියට කි‍්‍රයාත්මක වන තුරු එම ලිපි ලේඛනවල රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට සිදුව තිබීම බව ද ජනාධිපතිතුමා පැවසීය. ඒවා එළිදැක්වීම තුළ චෝදනාවලට ලක්වූවන්ට අයුතු වාසි ලබාගැනීමට හැකියාව පවතින බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ පිටකොටුව එක්සත් ව්‍යාපාරික සංගමය සමග අද (23) පස්වරුවේ පිටකොටුවේදී පැවති හමුවක් අමතමිනි.

කොළඹ දිස්ති‍්‍රක්කයේ ජනතාව එක්සත් ජාතික පක්ෂයට වසර ගණනාවක් පුරා ඡන්දය ලබාදුන්නද වසර 25 කට මෑත යුගය තුළ එම ජනතාවගේ ගැටලු විසඳීමට ඡන්දය ලබාගත් කිසිදු මහජන නියෝජිතයෙකු කටයුතු කර නොමැති බව සඳහන් කළ ජනාධිපතිතුමා එම ජනතාව අද මුහුණදී තිබෙන ගැටලු පිළිබඳ ඔවුන්ගේ ඡන්දය ලබාගත් සියලුදෙනා වගකිව යුතු බව ද කියා සිටියේය.

නගරයේ අලංකාරය, පවිත‍්‍රතාවය මෙන්ම එම ජනතාවගේ ජීවිත ලස්සන කිරීම ඉතා අවශ්‍ය බව පැවසූ ජනාධිපතිතුමා පිටකොටුව සුළු හා මධ්‍ය පරිමාණ වෙළෙඳුන්ගේ මෙන්ම පදික වෙළෙඳාමේ නිරතවන පිරිසගේ ගැටලු විසඳීමට විධිමත් වැඩපිළිවෙළක් ඉදිරියේදී කි‍්‍රයාවට නංවන බව ද ප‍්‍රකාශ කළේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක්වූ එක්සත් ජාතික පාක්ෂිකයින් වෙනුවෙන් සාමාජික කාඩ්පත් පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

අමාත්‍ය ෆයිසර් මුස්තාපා, චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද පිටකොටුව එක්සත් ව්‍යාපාරික සංගමයේ ලේකම් සම්පත් චමින්ද විදානගමගේ ඇතුළු එහි නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහවැලි ගොවීන්ට සූර්ය බල විසුරුම් ජල සම්පාදන ක‍්‍රම හඳුන්වාදීම සඳහා නව ව්‍යාපෘතියක්

Mohamed Dilsad

තරුණයින් දෙදෙනෙකු කැළණි ගඟට බිලි

Mohamed Dilsad

රාජිතගෙන් තෙවන වරටත් අපේක්ෂිත ඇප අයදුම්පතක් [UPDATE]

Mohamed Dilsad

Leave a Comment