දේශීය

වැඩි මිලට මුව ආවරණ අලෙවි කළ 5 කට නඩු

(UTV | කොළඹ) –  වෙළද පොළෙහි මුව ආවරණ වැඩි මිලට අලෙවි කළ ව්‍යාපාරිකයන් පස් දෙනෙකුට එරෙහිව පාරිභෝගික අධිකාරිය විසින් නඩු පවරා තිබේ.

එම අධිකාරියේ උසස් නිළධාරියෙකු සඳහන්කර සිටියේ කොරෝනා වෛරසය පිළිබඳ අවදානම හමුවේ මුව ආවරණ ඉල්ලුම ඉහල ගොස් ඇති අතර ඉන් වාසි ගැනීමේ අරමුණින් ඇතැම් වෙළඳුන් මුව ආවරණ වැඩි මිලට අලෙවි කරමින් සිටින බවට පාරිභෝගිකයන්ගෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම වැටලීම් ආරම්භ කළ බවයි.

කොළඹ , මහනුවර සහ මාතර නගරවල වෙළඳසැල් හිමියන් 5 දෙනෙකුට මෙලෙස නඩු පවරා තිබේ.

පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ රුපියල් 10 සහ 20 වැනි මුදලට අලෙවි කළ යුතු මුව ආවරණ ඇතමුන් මේ වන විට රුපියල් 50 දක්වා ඉහල මිලකට අලෙවි කරමින් සිටින බවයි.

Related posts

වාහන අංක තහඩුවේ පළාත හැදින්වෙන අක්ෂරය ඉවතට

Mohamed Dilsad

මුඛ ආවරණ කඩිනමින් ආනයනය කිරීමට පියවර

Mohamed Dilsad

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා යළි බන්ධනාගාර ගත කරයි

Editor O

Leave a Comment