දේශීය

වැඩි මිලට මුව ආවරණ අලෙවි කළ 5 කට නඩු

(UTV | කොළඹ) –  වෙළද පොළෙහි මුව ආවරණ වැඩි මිලට අලෙවි කළ ව්‍යාපාරිකයන් පස් දෙනෙකුට එරෙහිව පාරිභෝගික අධිකාරිය විසින් නඩු පවරා තිබේ.

එම අධිකාරියේ උසස් නිළධාරියෙකු සඳහන්කර සිටියේ කොරෝනා වෛරසය පිළිබඳ අවදානම හමුවේ මුව ආවරණ ඉල්ලුම ඉහල ගොස් ඇති අතර ඉන් වාසි ගැනීමේ අරමුණින් ඇතැම් වෙළඳුන් මුව ආවරණ වැඩි මිලට අලෙවි කරමින් සිටින බවට පාරිභෝගිකයන්ගෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම වැටලීම් ආරම්භ කළ බවයි.

කොළඹ , මහනුවර සහ මාතර නගරවල වෙළඳසැල් හිමියන් 5 දෙනෙකුට මෙලෙස නඩු පවරා තිබේ.

පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ රුපියල් 10 සහ 20 වැනි මුදලට අලෙවි කළ යුතු මුව ආවරණ ඇතමුන් මේ වන විට රුපියල් 50 දක්වා ඉහල මිලකට අලෙවි කරමින් සිටින බවයි.

Related posts

දකුණේ සියලුම සුරාසැල් මුද්‍රා තැබීමට නියෝග

Mohamed Dilsad

වැඩිහිටි දීමනාවට 137,000 ක් අපේක්ෂාවෙන්

Mohamed Dilsad

සඳ මත ජලය ඇති බව තහවුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment