Trending Newsඑසැන පුවත්දේශීය

ජුනි 27 හෝ 28 විය හැකි දෙයක් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වාගෙන් ඉඟියක්…

(UTV | කොළඹ) –

එළඹෙන සතියේ 27 හෝ 28 දෙදිනෙන් එක් දිනෙකදී ජනාධිපති රනිල් වික්‍රසිංහ විසින් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදී ඇතැයි නිවේදනය කරමින් රට පුරා රතිඤ්ඤා දල්වා කිරිබත් කෑමටත් රට පුරා සාදා පැවැත්වීමටත් සූදානම් වන බවටත් තොරතුරු ලැබී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරනවා.

ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාව සම්පූර්ණ බංකොලොත් රාජ්‍යයක් ලෙස පසුගිය 2022 වසරේ ප්‍රකාශයට පත් කිරීමත් සමඟම රටක් ලෙස ලබාගෙන තිබෙන ණය ගෙවාගත නොහැකි තත්වයකට පත්ව ඇති බව ජාත්‍යන්තර ණය ශ්‍රේනිගත්කිරීමේ ආයතන විසින් පිළිගෙන තිබිණි.

රටක් බංකොලොත්ද නැද්ද යන්න තීරණය ප්‍රකාශයට පත් කරන්නෙ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතන බවත් පැවසූ මන්ත්‍රීවරයා, ජනතාවට රටට බොරු නොකියන්නයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

Related posts

නොහික්මුණු දුම්රිය රියදුරෙක් නිසා තවත් අලියෙක් දුම්රියේ ගැටෙයි : අලියාට අසාධ්‍යයයි

Editor O

“Ocean’s 8” opens to franchise best

Mohamed Dilsad

සාමාන්‍ය ජනතාවට ලබාදෙන එන්නත් මාත්‍රා ලක්ෂ පහක් ඉදිරි දින 7 තුළ දිවයිනට

Mohamed Dilsad

Leave a Comment