දේශීය

සාමාන්‍ය ජනතාවට ලබාදෙන එන්නත් මාත්‍රා ලක්ෂ පහක් ඉදිරි දින 7 තුළ දිවයිනට

(UTV | කොළඹ) – සාමාන්‍ය ජනතාවට ලබාදීම සඳහා ඇණවුම් කළ එන්නත් තොගයෙන් පළමු කොටස ලෙස එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් ඉදිරි දින 7 තුළ මෙරටට ලැබීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මිලියන 9 ක ජනතාවක් එන්නත්කරණයේ පළමු අධියර සඳහා එම එන්නත් යොදාගැනීමට නියමිතයි.

ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය කොවැක්ස් පහසුකම යටතේ ලබාදෙන එන්නත් තොගයේ පළමු කොටස මාර්තු මාසයේ පළමු හෝ දෙවන සතියේ ලැබීමට නියමිතව ඇති බවත් , ඒ අනුව සාමාන්‍ය ජනතාව සඳහා එන්නත්කරණය ආරම්භ කිරීම බොහෝදුරට ඉදිරි සති 02 තුළදී ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

මීට අමතරව කොවිඩ් ප්‍රතිශක්තිකරන වැඩසටහන යටතේ ඊයේ (14) දිනය වන විට කොරෝනා වෛරසයට එරෙහි එන්නත්, පුද්ගලයින් 189,349 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කරයි.

ඊයේ (14) දිනයේදී පමණක් පුද්ගලයින් 2,695 ක් සඳහා මෙම එන්නත් ලබාදුන් බව ද එම ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

 

Related posts

නිරෝධායන රීති උල්ලංඝනය කළ 1,198ක් අත්අඩංගුවට

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

රන්ජගේ දිවුරුම් ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත

Mohamed Dilsad

Leave a Comment