දේශීය

රන්ජගේ දිවුරුම් ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත

(UTV | කොළඹ) – අධිකරණයෙන් සමාව ඉල්ලා දැනට සිර දඩුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් ලබාදී ඇති දිවුරුම් ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර තිබෙනවා.

නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා මාර්ගයෙන් එම දිවුරුම් ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු ඇති බව සඳහන්.

2017 වසරේ අගෝස්තු මස 21 දා අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමකින් පසුව රංජන් රාමනායක මහතා විනිසුරුවරු සහ නීතිඥවරුන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඩුවම් නියම කර තිබුණා.

එම ප්‍රකාශය පිළිබඳව තමන් අධිකරණයෙන් සමාව අයැද සිටින බව රන්ජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර තිබෙන දිවුරුම් ප්‍රකාශය තුළින් සඳහන් කර තිබෙනවා.

Related posts

අක්ෂි රෝහලේ ගැටලු සහගත නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවතට

Mohamed Dilsad

හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට සිතාසි

Mohamed Dilsad

නව ආසාදිතයින් 243ක්

Mohamed Dilsad

Leave a Comment