දේශීය

අක්ෂි රෝහලේ ගැටලු සහගත නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවතට

අක්ෂි රෝහලේ ගැටලු සහගත නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවතට

 

ජාතික අක්ෂි රෝහලේ සැත්කමකින් පසු හෘදය අකර්මන්‍ය වීම හේතුවෙන් මිය ගිය කාන්තාවට ලබාදුන් නිර්වින්දන ඖෂධ කාණ්ඩය භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

 

ප්‍රශ්නගත නිර්වින්දන ඖෂධ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, ප්‍රශ්නගත නිර්වින්දන ඖෂධ සියල්ල පරීක්ෂා කිරීම සඳහා මේ වන විට ජාතික තත්ත්ව රසායනාගාර වෙත යොමුකර ඇති බවයි.

 

ජාතික අක්ෂි රෝහලේ පසුගිය 4 වන දා ශල්‍යකර්මයක් අතරතුර ලබාදුන් නිර්වින්දන එන්නතෙන් පසු හෘදය අකර්මන්‍ය වීම හේතුවෙන් කොස්ගොඩ පදිංචි දෙදරු මවක් මිය ගියා ය.

 

ඒ සමඟ අදාළ නිර්වින්දන ඖෂධවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් දැඩි කතා බහක් නිර්මාණය වූ අතර, ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරයා එක්ව ඊයේ (07) මාධ්‍ය හමුවක් ද පවත්වනු ලැබුවා.

 

එහි දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුනවර්ධන සඳහන් කළේ, මිය ගිය කාන්තාවගේ හෘදයේ වස්තුව සීයට අසූවක් පමණ අවහිර වී තිබූ බවත් නිර්වින්දන ඖෂධ ලබා දීමෙන් පසු ඇයගේ හෘදය වස්තුව අකර්මණ්‍ය වූ බවත් ය.

 

ඒ අනුව අදාළ නිර්වින්දන ඖෂධය ලබා දීම නිසා ම ඇයගේ මරණය සිදු වූ බවට නිගමනය කළ නො හැකි බව ඔහුගේ ස්ථාවරයයි.

 

කෙසේ වෙතත් එම නිර්වින්දන ඖෂධයේ තත්ත්වය පිළිබඳ ඉදිරි පර්‍යේෂණ කටයුතු කිරීමට නියමිත බව ද වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය.

 

මේ අතර, ජාතික අක්ෂි රෝහලේ සැත්කමෙන් පසු මියගිය හිමාලි ප්‍රියදර්ශනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

Related posts

දහතුන්වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ පොලිස් හා ඉඩම් බලතල ක්‍රියාත්මක කරන්නේ නැහැ – ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ

Editor O

මහර ගැටුමෙන් මිය ගිය තවත් රැඳවියන් සිව් දෙනෙක් ආදානය කරන්න නියෝග

Mohamed Dilsad

මැතිවරණයට ගත් පාසල් විෂබීජහරණයට පියවර

Mohamed Dilsad

Leave a Comment