දේශීය

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) දිනයේ සිහින් වැසි වාර කිහිපයක් ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

 

උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

ඇඳිරි නීතිය සමයේ ධාවනය වන දුම්රියන් පිළබඳ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

ජනපති ජාතිය අමතයි

Mohamed Dilsad

ලංකා IOC පෙට්‍රල් සහ ඩීසල් ප්‍රමිතිය ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment