දේශීය

ප්‍රදේශ කිහිපයක ගෙවල් බින්ඳ හොරෙක් පොලිසියට කොටුවෙයි

ගෙවල් බිඳුම්, දේපොළ සොරකම් කිරීම ඇතුළු විවිධ අපරාධ 35කට සහ වරෙන්තු 12කට අවශ්‍ය කරන සැකකරුවෙකු බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ (08) උදෑසන කාලයේ දී බෙම්මුල්ල පොලිසිය විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලිසිය පැවසුවේ, එම සැකකරු ගම්පහ, කැලණිය හා මීගමුව යන කොට්ඨාසවල පොලිස් ස්ථානවලට වාර්තා වූ ගෙවල් බිඳුම් සහ දේපොළ සොරකම් කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් අවශ්‍ය ව සිටි වරෙන්තුකරුවෙකු බව ය.

 

අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි කපුගොල්ලෑව, හොරොව්පාතන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මෙම සැකකරු විසින් බෙම්මුල්ල, ජාඇළ, සීදුව, මීගමුව, වේයන්ගොඩ, රාගම, වීරගුල, කඩවත, ගණේමුල්ල, යක්කල, කටුනායක හා කිරිබත්ගොඩ යන පොලිස් වසම්වල ගෙවල් බිඳුම් ගණනාවක් සිදුකර ඇති බව පොලිසිය පවසයි.

 

ඔහු විසින් සොරගන්නා ලද විවිධ බර ප්‍රමාණයේ රන් කැබලි 16ක්, රන් කරාබු ජෝඩු 03ක්, රන් මුදු 02ක්, විවිධ ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර් 04ක්, යතුරුපැදියක්, මවුන්ටන් පාපැදියක්, විදෙස් මත්පැන් බෝතල් 02ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

 

මීට අමතර ව අත්ඔරලෝසු 03ක් ජංගම දුරකථන 07ක්, ග්‍රිල් යන්ත්‍ර 02ක්, විදුලි ස්ත්‍රික්ක 03ක්, පිත්තල ඇත්පිළිම 02ක්, පිත්තල මල් පොච්චි 02ක්, විදුලි උඳුනක්, රූපවාහිනි යන්ත්‍රයක්, කේතලයක්, ලී ඉරණ විදුලි අත් යන්ත්‍රයක්, බ්ලෙන්ඩරයක් සහ ටැබ් යන්ත්‍රයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරු අද (09) ගම්පහ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ව ඇති අතර, බෙම්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Related posts

මෙවර සිංහල හා හින්දු අවුරුද්ද නව වාර්තාවක් පිහිටුවයි

Mohamed Dilsad

පැය දෙකක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

රජයේ අවශේෂ කැලෑ ඉඩම් යළි දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත

Mohamed Dilsad

Leave a Comment