දේශීය

ලංකා IOC පෙට්‍රල් සහ ඩීසල් ප්‍රමිතිය ගැන දැනුම්දීමක්

පෙට්‍රල් සහ ඩීසල් සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ පැතිරයන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය ජනතාවට දැනුම්දෙයි.

 

ලංකා ඉන්දියානු තෙල් සමාගමෙන් (LIOC) ඇනවුම් කරන ලද ඩීසල් සහ පෙට්‍රල් පිළිබඳව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය විසින් මෙම විශේෂ නිවේදන‍ය නිකුත් කර තිබේ.

 

ඒ අනුව ඩීසල් සහ පෙට්‍රල් 92 තොගයක් රැගත් එම්.ටී. ෆොස් පවර් නෞකාව පසුගිය නොවැම්බර් 5 වනදා අලුයම කොළඹ වරායට සේන්දුවී ඇතැයි එම නිවේදනයේ දැක්වෙයි.

 

එහි තිබූ පෙට්‍රල් 92 රසායනාගාර පරීක්ෂාවේදී ප්‍රමිතියට අනුකූල බව සහතිකවීමෙන් පසු ගොඩබෑමට අවසර දී තිබේ.

 

ඩීසල් තොගයේ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදුවෙන බැවින් එහි ප්‍රතිඵලය අනුව ඒවා ගොඩබෑම කෙරෙහි තීරණය කිරීමට නියමිතය.

Related posts

විදුලිබල සේවකයින් අද කොළඹට

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම කෑගහන අය පිළිවෙලට හිරේ දානවා – මාලිමා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන්

Editor O

කොරෝනා ආසාදිතව සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment