දේශීය

නව කොරෝනා වෛරසය ආසාදනය වූ 16 දෙනෙක් මෙරටින්

(UTV | කොළඹ) – බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 82 කට ව්‍යාප්ත වී ඇති B.1.1.7. නව කොරෝනා වෛරස ප්‍රභේදය මෙරට ප්‍රදේශ කිහිපයකින් හඳුනාගනු ලැබුවේය.

ශීඝ්‍රයෙන් පැතිර යන මෙම B.1.1.7. නව වෛරසය ශරීරගත වූ පුද්ගලයන් 16 දෙනෙක් මේ වනවිට මෙරටින් හමුවී ඇති අතර ඉන් 13 දෙනෙක්ම පිටරටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෝ වෙති.

සෙසු තිදෙනා පළමු ආශ්‍රිතයන් වන ශ්‍රී ලාංකිකයන් යැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තවේද හා සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

මොවුන් කොළඹ, අවිස්සාවේල්ල, ඉංගිරිය, බියගම, වත්තල, මතුගම, මන්නාරම හා වවුනියාව ඇතුළු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවී ඇත.

මේ වනවිට ආසියානු රටවල ද මෙම නව කොරෝනා ප්‍රභේදය පැතිර ගොස් ඇති අතර දකුණු කොරියාව, තායිලන්තය, හොංකොං, බංග්ලාදේශය, සිංගප්පූරුව, ඉන්දියාව, මැලේසියාව, පාකිස්තානය යන රටවල ද පැතිර ගොස් ඇත.

 

Related posts

එක්සත් ජාතීන්ගේ සහාය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

දෘෂ්‍යාබාධිත ඡන්ද දායකයින්ටත් විශේෂ ක්‍රමවේදයක්

Mohamed Dilsad

NTJ සමඟ සම්බන්ධතා පැවැත්වූ 61 ක් යළි රිමාන්ඞ්

Mohamed Dilsad

Leave a Comment