Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්ධන බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021.07ක් වැඩිපුර ගෙවූ සංස්ථා ලොක්කෝ රට පැනලා.

(UTV | කොළඹ) –

ඉන්ධන බෙදුම්කරුවන්ට වැඩිපුර කොමිස් මුදලක් ගෙවීමට සිදුවීම හේතුවෙන් ඉන්ධන පාරිභෝගිකයාට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 5.86 සහ ඩීසල් ලීටරයකින් රුපියල් 5.88ක අතිරේක පිරිවැයක් දැරීමට සිදුව ඇති බව, ඉකුත් 19 වන දා රැස් වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණය විය.

මේ වන විට බෙදුම්කරුවන් හට රුපියල් මිලියන 31,021.07ක වැඩිපුර මුදලක් ගෙවා ඇති බව ද සඳහන් වේ. මේ තත්ත්වය හේතුවෙන් ඉන්ධන පාරිභෝගිකයා විසින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකට රුපියල් 5.86ක් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකට රුපියල් 7.50ක් ද, ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 5.88ක් ද, සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 6.96ක මුදලක් ද වැඩිපුර ගෙවන බව සඳහන් වේ. එසේ ම, මීට වගකිව යුතු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා නිලධාරින් දෙදෙනෙකු විදෙස්ගතව ඇති බව අනාවරණය විය.

මැයි 31 දිනට ඉන්ධන මිල සංශෝධනය අනුව අලෙවි මිලට සමගාමීව පෙට්‍රල් 92 ලීටරයකින් රුපියල් 11.73ක් ද, පෙට්‍රල් 95 ලීටරයකින් රුපියල් 13.70ක් ද, ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 10.64ක් සහ සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 12.31ක් ද තෙල් සංස්ථාව ලාභයක් උපයයි. මේ වන විට පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 335ක් ද, පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 420ක් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 317ක් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 377ක් ද වේ.

Related posts

இரு சகோதரிகளுக்கு இடையில் ஏற்பட்ட வாய்த்தக்கத்தில் ஒருவர் பலி

Mohamed Dilsad

New High Court to be constructed in Matale

Mohamed Dilsad

ඉන්දියාවෙන් කාබනික පොහොර

Mohamed Dilsad

Leave a Comment