ක්‍රීඩා

දඹුල්ල පෙරමුණට

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ‘දඹුල්ල අවුරා’ කණ්ඩායම සමත්ව තිබේ.

 

සහභාගී වූ තරග 5න් තුනක් ජයගත් ‘දඹුල්ල අවුරා’ කණ්ඩායම මෙලෙස ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව ඇත.

 

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන ‘ගෝල් ටයිටන්ස්’ කණ්ඩායම වන අතර ඔවුන් තරග 4ක් ක්‍රීඩාකර ඇති අතර ඉන් තරග තුනක් ජයගෙන තිබේ.

 

‘කලම්බු ස්ට්‍රයිකර්ස්’ කණ්ඩායම් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ පසුවන අතර ඔවුන් තරග 4ක් ක්‍රීඩාකර ඉන් තරග දෙකක් ජයගෙන ඇත.

 

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගියවර ශූරයින් වන ‘ජැෆ්නා කින්ග්ස්’ කණ්ඩායම ඊයේ ‘දඹුල්ල අවුරා’ කණ්ඩායම හමුවේ ලද පරාජයත් සමග මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ පසුවෙයි.

 

ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ පුසවන ‘බී ලව් කැන්ඩි’ කණ්ඩායම වන අතර ඔවුන් තරග 4ක් ක්‍රීඩාකර ඇති අතර ඉන් තරග දෙකක් ජයගෙන තිබේ.

 

මේ අතර ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ තරග 02ක් අද (08) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

බී ලව් කැන්ඩි කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර තරගය පස්වරු 03ට ආරම්භ වීමට නියමිතය.

 

කලොම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර තරගය රාත්‍රී 07.30ට පැවැත්වේ.

 

ඊයේ පැවති තරගවලදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරදවා දඹුල්ල අවුරා කණ්ඩායම ජයගත් අතර ගෝල් ටයිටන්ස් කණ්ඩායම පරදවා කලොම්බො ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ජය ගත්තේය.

 

 

Related posts

නවසීලන්තයට කඩුලු 10 ක ජයක්.

Mohamed Dilsad

ICC ක්‍රිකට් කවුන්සිල කමිටු රැස්වීම් අද සිට

Mohamed Dilsad

ශ්‍රවණාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට.

Mohamed Dilsad

Leave a Comment