දේශීය

වැරදුණු ප්‍රේමය

19 හැවිරිදි තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගිය 55 හැවිරිදි පුද්ගලයෙකුට පිරිසක් විසින් පහරදී ඝාතනය කර ඇති බව චුන්නාකම් පොලීසිය පවසයි.

 

යාපනය, චුන්නාකම් ප්‍රදේශයේදී ඊයේ (07) දහවල් කාලයේදී පුද්ගලයෙකු ගසක බැඳ පහරදීමක් සිදුකරන බවට චුන්නාගම් පොලිස් ස්ථානයට තොරතුරක් ලැබී තිබුණි.

 

පොලීසිය එම ස්ථානයට ගොස් ගසක බැඳ පහරදී සිටි පුද්ගලයා ඉන් මුදවාගෙන තෙලිප්පලේ රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා මියගොස් තිබේ.

 

එලෙස මියගොස් ඇත්තේ, 55 හැවිරිදි ආරමුගන් වීදිය, චුන්නාකම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මරණකරු චුන්නාකම් ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 19ක තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර, එයට උරණවූ තරුණියගේ පාර්ශවයේ පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇත.

 

එම පිරිස විසින් තරුණියටද පහරදී ඇති අතර, ඇයද තෙලිප්පලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසයි.

 

මෙම පහරදීම සම්බන්ධයෙන් පොලීසිය විසින් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23, 24, 38, 46, හා 48 වයස්වල පසුවන චුන්නාකම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Related posts

ගෝල්ෆේස් මහජන අරගලයට දින 100 ක්

Mohamed Dilsad

හකීම්ගේ සහ හෙට්ටිගේ මහතාගේ ආශ්‍රිතයින් හඳුනා ගනී

Mohamed Dilsad

රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩුයි

Mohamed Dilsad

Leave a Comment